Super Team

මාධ්‍ය කවුළුව

අපට දෛනිකව අවශ්‍යවන ආහාර පාන, නිවාස, ඇඳුම් පැළඳුම් වලට අමතරව නැතිවම බැරි අංගයක් වී තිබෙන්නේ තොරතුරු අවශ්‍යතාවයයි. ‍තොරතුරු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ප්‍රධානතම උපකාරකය වශයෙන් භාවිතා වන්නේ ජන මාධ්‍ය සේවාවන්ය. තොරතුරු බෙදාහැරීම, විවිධ දැනුවත්කිරීම්, අධ්‍යාපනය, විනෝදාශ්වාදය සහ ජනතා ආකල්ප වෙනස්කිරීම ආදිය උදෙසා ජනමාධය ප්‍රබල අවියක් ලෙස භාවිතා කළ හැකිය. ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය සිය සංවර්ධන කටයුතු වලදී  ජනමාධ්‍ය සේවාවන් සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර ජනමාධ්‍යවේදීන් හට තම සංවර්ධන අත්දැකීම් බෙදාහදැගැනීමට මෙම අන්තර්ජාල බිහිදොර ඔස්සේ අවස්ථාව ලබාදී ඇත. ඊට අමතරව මෙම පිටුවෙහි මාධය සඳහා සංවිධානය වුණු විවිධ වැඩසටහන් පිළිබඳ විස්තර අඩංගුවන අතර අපගේ සංවර්ධන වැඩසහටන් පිළිබඳ ලියැවුණු විවිධ ලිපිද අතුළත්වේ.

 

මාධ්‍ය සදහා වන විවිධ ක්‍රියාකාරකම් සහ අවස්ථාවන්

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk