Super Team

වැසිජල කළමනාකරණය

අපගේ වැසි ජල ටැංකියේ වතුර අමුතු රසයි. ඒ මොකද?

වැසි ජල ටැංකිය ඉදිකිරිමෙන් අනතුරුව එහි ජලය පුරවා සති 2ක් පමණ තැබිමෙන් පසුව හොඳින් සෝදා හැරිමෙන් ඉතිරිව තිබෙන යම් අපද්‍රව්‍යයක් ඉවත් කල හැකිය. ඉන් පසුව රැස්කරනු ලබන වැසි ජලය කිසිදු රසයක් හෝ ගන්ධයක් තිබිය නොහැකි පිරිසිදු තත්ත්වයෙන් තිබිය යුතුය.

එහෙත් යම් හෙයකින් එම ජලයේ අමුතු රසයක් හෝ ගන්ධයක් ඇතිවුයේ නම් ටැංකිය තුලට සතකු හෝ වෙනත් අපද්‍රව්‍යක් ඇතුලු වි ඇත්දැයි පරික්ෂාකර බැලිම සුදුසුයි. එසේම ටැංකිය තුලට හිරුඑළිය වැටිමට යම් ඉඩකඩක් ති‍ෙබ් ඇත්දැයි සොයා බැලිය යුතුය. හිරුඑළිය වැටිමෙන් ජලයේ ඇති යම් ඇල්ගි විශේෂ හා වෙනත් ක්ෂුද්‍ර ජිවින්ගේ වැඩිමක් සිදුවිමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ජලය අපවිත්‍ර වි අමුතු රසක් ඇතිවිමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් අනාවරණය වු විට ටැංකිය පවිත්‍ර කොට බාහිර ද්‍රව්‍ය හා හිරුඑළිය ඇතුල් විය හැකි ස්ථාන විශේෂයෙන් පෙරනය, පිවිසුම් දොරටුව, වැසි ජලය බැස යාමට ඇති බටය ආදිය පරික්ෂාකර නිසි පරිදි ආවරණය කල යුතුය.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk