Super Team

මී මැසි පාලනය

අතීතයේ සිට ශ‍්‍රී ලංකාවෙ මිනිසුන් ද මී පැණි පාරිභෝජනයට හුරුව සිටි බව ආදීවාස ජනතාවගේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් වශයෙන් බඹර කැපීමට සහ මී පැණි දඩයම් කිරීමට පුරුදුව සිටීමෙන් පැහැදිලි වෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනතාවට මී මැස්සන්ගෙන් මී පැණි රැුස් කිරීම පිළිබඳ මනා නිපුනත්වයක් දක්වවනවා. ආදී කාලයේ සිටම ලබු කැට, කල ගෙඩි, සිදුරු සහිත ලී කොට ආදිය යොදා ගෙන ගෘහස්ත මී මැසි පාලනයේ යෙදීම අප රටේ ජනතාව අතර ප‍්‍රචලිතයි.

මී මැසි පාලනය විනෝදාංශයක් මෙන්ම අමතර ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්. ස්වයං රැකියාවක් වශයෙන් ද පවත්වාගෙන යා හැකියි. සාර්ථක මී මැසි පාලනයක් සඳහා එම කටයුතුවල විද්‍යාත්මක පදනම පිළිබඳ අවබෝධයක් මෙන්ම කි‍්‍රයාකාරකම්වල යෙදීමෙන් ලබා ගන්නා පුහුණුව අත්‍යාවශ්‍ය ‍වනවා.

මෙම වීඩියෝ පටයෙන් ඔබට මේ   පිළිබද මූලික අදහසක් ලබාගැනීමට පුළුවන්.

 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk